South Korea

දකුණු කොරියාව-한국

දකුණු කොරියාව නැගෙනහිර ආසියානු රටකි.එහි භූමිය 70%ක් කදු හා 30%ක් තැනිතලා බිම් ලෙස පිහාටා ඇත.එසේම විශාල ජලාශ වලින් භූමිය වෙන් වී පවති.එය ‍කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ ස්ථානගත වී ඇත. එහි අසල්වැසියන් වන්නේ බටහිරින් චීනය, නැගෙනහිරින් ජපානය, උතුරින් උතුරු කොරියාව ය. අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පවතී.භුමි ප්‍රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකය. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කොරියානු අර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී ද ජනාවාස වී තිබුණි. කොරියානු ඉතිහාසය 2333 ක්‍රි.පූ.(ක්‍රිස්තු පූර්ව) පුරාතන ඩැන් ගුන් විසින් ගෝජොසොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීය.එය 668 ක්‍රි.ව.(ක්‍රිස්තු වර්ෂ) සිල්ලා හි කොරියානු අධිරාජ්‍ය තුනේ එකතුවීමත් සමඟ සිදුවිය.1910 කොරියානු අධිරාජ්‍යයේ අවසානය තෙක් එය ‍ගොර්යෝ හා ජොසොන් අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ විය. එය කොරියාව ජපානය සමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණි. සෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරුණි.1948 දී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි. කොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධය, යුධ විරාමයකින් අවසන් වූ අතර ඉන්පසු දකුණු කොරියානු ආර්ථිකය සැලකිය යුතු අන්දමින් වර්ධනය වු අතර, එය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයන් දක්වා පරිවර්තනය විය. මෙම රටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින වන අතර පාලන ප්‍රදේශ 16 කින් යුක්ත සංවර්ධිත රටක් වන ඉහල ජිවන මට්ටමක් පවති. එහි ආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේ. මෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතර, විද්‍යුත් උපකරණ, රථවාහන, නෞකා, යන්ත්‍රෝපකරණ, පෙට්ට්‍රෝ රසායනිකය සහ රොබෝ විද්‍යාව මුල් තැනක් ගනී. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) හා G – 20 ආර්ථිකයේ සාමාජිකයෙකි. මෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි. 

භූගෝලීය වශයෙන් චීනය හා ජපානයට ආසන්න රටක් පැවතීම නිසා ඇතීතයේදී එම රටවල් සමඟ වූ සම්බන්ධතා නිසා කොරියානු සංස්කෘතියට එකල විවිධ දෑ එක්කාසු විය. එනම්,බුදු දහම,කොන්ෆියුසියස් දහම,සේද මාවත යුගය ආරම්භයේදී ගෘහ නිර්මාණ ශිල්පය,කලාව,සංගීතය,අත්කම්, පිඟන් මැටි යනාදීයද එක්කාසු විය. එසේම 1443ට ප්‍රථමයෙන් කොරියානුවන් භාවිතා කළේ හංජා නම් චීන රූපාක්ෂර වේ.ඒවා ලිවීමට කියවීමට අපහසු වූ බැවින් එකල සමාජය නූගත් විය.මෙයට පිළියමක් ලෙස 1443 කාලවකවානුවේ දී සෙජොං රජු විසින් සරල ශුද්ධ වූ හන්ගල් නම් වත්මන් කොරියානු හෝඩිය නිර්මාණය කරන ලදි.

(1)ජාතික කොඩිය-තෙගක්කි 태극기
(2)අගනුවර-සෝල් 서울
(3)භාෂාව-හන්ගුගො 한국어
(4)හෝඩිය-හන්ගල් 한글
(5)ජාතික නාමය-තෙහන්මින්ගුක් 대한민국
(6)මුදල් ඒකකය-වොන් 원
(7)දුරකථන ඇමතුම් කේතය (+82)
(8)රිය ධාවන මං තීරුව-දකුණ
(9)ආගම- 56.1% ආගමක් නැත
27.6% ක්‍රිස්තියානි
15.5% බෞද්ධ
0.8% වෙනත්

(10)කොරියානු ජාතික ගීය-එගුක්කා 애국가