Online පන්ති
නවීණ තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලාංකීය දූ දරුවන්ට කොරියානු භාෂාව ඉගෙන ගැනීමට පහසු ක්‍රමවේදයක් අප විසින් නිර්මාණය කොට ඇත.මෙහිදී සියළු පන්ති Online ක්‍රමවේදයට පැවැත්වෙන අතර කොරියානු භාෂා දැනුම,සංස්කෘතික දැනුම ඇතුළුව සමස්ත දැනුමින් ඔබව පරිපූර්ණ කිරීම සඳහා මෙම වැඩ පිළිවෙල නිර්මාණය කොට ඇත.
දැක්ම
දැනුම නිසි පරිදි ලබා දෙමින් ඔබගේ කොරියානු සිහිනය සැබෑ කරවීමට ඔබව නිවැරදි මාර්ගයේ ගමන් කරවීම අපගේ එකම අභිප්‍රායයි!
පන්ති පැවැත්වෙන ආකාරය
පන්තිය පැවැත්වෙන කාල සීමාව මාස 08කි.මසකට පන්ති ගාස්තු රු.1000කි.පන්තිය Zoom තාක්ෂණය ඔස්සේ Online ක්‍රමවේදයට පැවැත්වේ.
දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමාණයකගේ කොරියානු සිහිනය සැබෑ කළ ප්‍රවීණ කොරියානු භාෂා ගුරුවරයා,කවිඳු විතානගේ සර් සමඟින් ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට අදම එකතුවන්න.
කොරියානු රැකියා සඳහා වූ EPS topik විභාගය අරමුණු කරගෙන පන්ති පැවැත්වෙන අතර එම සියලු විෂය කොටස් ක්‍රමානුකූලව මුල සිට ඔබට ඉගෙන ගත හැක.විභාගය සඳහා පෙනී සිටීමට වයස අවුරුදු 18-39 විය යුතුය.
එසේම භාශාව ඉගෙන ගැනීමට කැමති ඕනෑම වයසක කෙනෙකුට වයස් සීමාවකින් තොරව පන්තියට සහභාගි විය හැක.කොරියානු ශ්‍රී ලංකා සාමාන්‍ය පෙළ,උසස් පෙළ හා TOPIK exam යනාදියට අවශ්‍ය 100% භාෂා දැනුමද මෙමඟින් ආවරණය කරගත හැක.
එසේම කොරියානු භාෂාවට අමතරව කොරියානු සංස්කෘතික ලක්ෂණ,කොරියාව තුළ ජීවත් වන ආකාරය යනාදිය පිළිබඳවද ඔබට විශාල දැනුමක් ලබා දෙයි.
අපේ පන්තියේ ඔබට ඇති පහසුකම්
(1)මාස 08න් සරලව පැහැදිලිව සියළු පාඩම් ආවරණය කිරීම.
(2)පන්තිය Zoom තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට පවත්වන නිසා ඔබට ලෝකයේ ඕනෑම තැනක සිට පහසුවෙන් සහභාගී විය හැක.
(3)Live පන්තියෙන් පසු එහි සම්පූර්ණ Video Recording එක ලබා දෙන නිසා ඔබට පන්තිය කිසිඳු දිනක මඟ නොහැරෙයි.කාර්යබහුල ඔබ හටද මෙය පහසු ක්‍රමයකි.
(4)සියළු පාඩම් PDF ආකාරයට ලබා දෙන නිසා ඔබට PDF බලා පැහැදිලිව පාඩම් අදාල පොත්වල සටහන් කරගත හැක.
(5)විෂය නිර්දේශයේ පොත් 2හි පාඩම් PDF ආකාරයට ලබාදෙනවා.Listening Tracks ටිකත් ලබා දෙනවා.ඒවා නොමිලේ ලබා දෙන නිසා වෙනම මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.
(6)Online ප්‍රශ්න පත්‍රවලට හුරු කරවීම හා සියළු පාඩම් ආවරණය කළ පසු පසුගිය ප්‍රශ්න පත්‍ර නොමිලේ සාකච්ඡා කිරීම.
(7)ඔබට පාඩම් කරන අවස්ථාවේදී එන ගැටළු සර්ගේ WhatsApp අංකයට පණිවිඩයක් යවා විසඳාගත හැක.
ඔයා පහත දේවල් ටික ගන්න.
(1)පිටු 80 ලොකු කොටු ඇති කොටු රූල් පොතක් අකුරු පුරුදු වීම සඳහා.
(2)පිටු 120 තනි රූල් පොත් 2ක්.ව්‍යාකරණ සඳහා හා එදිනෙදා අවශ්‍ය වන වචන/වාක්‍ය ලිවීමට.
(3)පිටු 200 CR පොතක් පාඩම් 60 සඳහා.
(4)රතු,නිල්,කලු පෑන්,වෙනත් පාට පෑනක්,පැන්සලක්,මකනයක්,අඩි රූලක්.
පන්ති විස්තර දැනගැනීමට ඔබගේ නම සමඟ අදම WhatsApp පණිවිඩයක් එවන්න.
(පහත දුරකථන අංක මත Click කිරීමෙන් WhatsApp ගිණුම් වෙත පිවිසිය හැක.)
අමතර දුරකථන අංක
076 036 2147(කවිඳු සර් WhatsApp)
077 955 1974(පන්තිය Call/WhatsApp)
පහත ඇති නාමය මත Click කොට ඔබට අපගේ නිළ සමාජ මාධ්‍ය ගිණුම් වෙත පිවිසිය හැක.